Suravi සුරවි
  • Suravi
    • Association >
      • Adhérer
      • Nous soutenir
      • Lettre d'information
    • Projets à Sri Lanka >
      • Projets 2024
      • Projets 2023
      • Projets 2022 >
        • Pieds de biche
      • Projets 2021
      • Projets 2020
      • Projets 2018
      • Projets 2017
      • Projets 2016
      • Projets 2015
    • Autres activités
  • Sri Lanka
    • En bref
    • Langues >
      • Alphabet singhalais
      • Paquet Anki
    • Culture >
      • Spectacle vivant >
        • Instruments musicaux
        • Danses
        • Ediriweera Sarachchandra
        • Vajira Chitrasena
      • Peinture >
        • Groupe 43
        • George Keyt
        • Justin Daraniyagala
        • Ivan Peries
        • Neville Weereratne
      • Lionel Wendt
      • Cinéma
      • Architecture >
        • Minnette de Silva
        • Geoffrey Bawa
    • Société >
      • Tsunami 2004
      • La lèpre à Sri Lanka
      • Culte de Kannaki-Pattini
  • Contact
  • Suravi
    • Association >
      • Adhérer
      • Nous soutenir
      • Lettre d'information
    • Projets à Sri Lanka >
      • Projets 2024
      • Projets 2023
      • Projets 2022 >
        • Pieds de biche
      • Projets 2021
      • Projets 2020
      • Projets 2018
      • Projets 2017
      • Projets 2016
      • Projets 2015
    • Autres activités
  • Sri Lanka
    • En bref
    • Langues >
      • Alphabet singhalais
      • Paquet Anki
    • Culture >
      • Spectacle vivant >
        • Instruments musicaux
        • Danses
        • Ediriweera Sarachchandra
        • Vajira Chitrasena
      • Peinture >
        • Groupe 43
        • George Keyt
        • Justin Daraniyagala
        • Ivan Peries
        • Neville Weereratne
      • Lionel Wendt
      • Cinéma
      • Architecture >
        • Minnette de Silva
        • Geoffrey Bawa
    • Société >
      • Tsunami 2004
      • La lèpre à Sri Lanka
      • Culte de Kannaki-Pattini
  • Contact
රාවය. 09/19/2014

ඇයි ලාදුරුද ?

සටහන / ඡායා : රුක්මාල් ද සිල්වා 
Photo
"මට මතකයි එදා ගොන් කරත්තයක් ගේ ගාව නවත්වලා ඒකෙන් බැහැලා දෙතුන් දෙනෙක් ආවා. ගොන් කරත්තය හතර වටේටම තහඩු ගහලා වහලා ඇතුළ පේන්නේ නැහැ. පී.එච්.අයි. මහත්තයා කිව්වා මාව අරගෙන යන්න ආවේ කරත්තයට නගින්න කියලා. එතකොට මට වයස අවුරුදු 14යි."
ඔහු අහස දිහා බලාගෙන හූල්ලන්න වුණා. හැඟීමක් දැනීමක් නැති මුහුණේ අතීත කතාව තවමත් ලියවිලා තිබුණා.
"මම කෑගහලා ඇඬුවා මාව ගෙනියන්න එපා කියලා වැඳ වැටුණා. අම්මටයි, තාත්තටයි මාව බේරගන්න කිව්වා. ඒත් ඒ අය මාව බලෙන්ම කරත්තයට දාලා දොර වැහැව්වා. ඇතුළ කට්ට කරුවලයි. අද වගේ මතකයි. පුංචි සිදුරක් තිබුණා එළිය බලන්න. ඒත් මට එළිය බලන්න වුවමනාවක් තිබුණේ නැහැ."
ඔහු හිස් අහසට ඇස් යවයි. එදා සිට ඔහුගේ ජීවිතයම කළුවර වුණා සත්තයි. ඒ මීට දශක කිහිපයකට පෙර. දෑත් දෙපා විකෘතිව රෝද පුුටුවකට වැටුණු මේ මිනිසා හිරු එළියට මුලිච්චි නොවුණු නිසාදෝ සුදට හිටියා. බම්බලපිටියේ උපන් මොහු අද බම්බලපිටිය කොයිවගේදැයි නොදන්නවා ස්ථිරයි. කතාව ආරම්භ කළේ ඔහුගේ යටගියාවෙන්. මේ සිද්ධිය වෙනකොට අවුරුදු 14ක් වූ ඔහුට අද වයස 71කි. ඉහත සිද්ධිය සිද්ධ වුණේ 1943 අප්‍රේල් 4 වැනිදා. එදා ඉඳලා ඔහු මෙහි වසනවා. කට්ට කළුවර කරත්තයේ ආ ගමන නැවතුණේ මෙතැනදීය. එදා පටන් මේ ඔහුගේ නිවහනයි. එඞ්වඞ් අල්විස් වන මොහු අද වසන තැන මොහු ගෙනා කරත්තයේ ඉදිරිපස බෝඞ්ලෑල්ලක එදා ලියා තිබුණා. ඔහුට තවමත් මතකයි. ඒ
Leprosy Hospital එනම් ‘ලාදුරු රෝහල’
මේ හැඳල ලාදුරු රෝහල අතීත මතක සමග අදටත් හිරිවැටී තිබෙන ජීවිත සමග අනාගතයට නටඹුන් සේ ඇදෙන හැඳල ලාදුරු රෝහල. මම ඉන්නේ ඒ තුළ. යටගියාව එහි ඉන්න අය බලන්න ආපු ගමනක. ඒ අතර හමුවූ මොහු එඞ්වඞ් අල්විස්. 1943 මෙහි රැුගෙන ආ අයෙක්. තවමත් යටගියාව ගැන මතකයෙන් දිවි ගෙවන අයෙක්.
"මගේ ගම බම්බලපිටිය. දවසක් පාසලට පී.එච්.අයි. කට්ටිය ආවා. ඇවිල්ලා මුළු ඇඟම පරීක්ෂා කළා. මගේ බාහුවේ කැළලක් තිබුණා. එළියට යන්න කියලා අණ කළා. මට ලැජ්ජාවක් ඇතිවුණා. ඒ දැනගෙන දවසක් ගියේ නැහැ ගෙදරට ආවා. අර කරත්තයත් අරගෙන. අම්මට කිව්වා මෙයාට ලාදුරු ගෙදර තියාගන්න බැහැ. අනෙක් අයටත් බෝවෙනවා කියලා. ඉතින් මාව බලෙන්ම එක්කගෙන ගියා. මම දවස් ගාණක් ඇඬුවා. කාටවත් ඇහුණේ නැහැ. මම වගේ තව ගොඩක් අය හිටියා. මගේ ජීවිතය මේක තමයි. මගේ ලෝකයම මේක තමයි කියලා එදායින් පස්සේ මම තේරුම් ගත්තා. මුලදී දවසක් දෙකක් මව්පියෝ ආවා. පස්සේ ඒ අයත් බයවුණා. දරුවා වුණත් බෝවෙන රෝගයක් නේ කියලා හිතෙන්න ඇති." දැන් හඬන්නට ඒ ඇස්වලට කඳුළු නැත. ඔහු විශාල වත්ත දිහා බලාගෙන නොදොඩා හිටියා.
මේ වත්තට කියන්නේ ලාදුරුවත්ත. හැඳල ලාදුරු රෝහල කිව්වහම කවුරුත් දන්නවා. ඉස්සර දන්නවා වුණාට ළඟින් යන්නත් බය පැත්තක්. ඒත් අද එහෙම නැහැ. බය අතුරුදන්වෙලා. ලාදුරුවත්ත විශාල වත්තක්. මුල් කාලේ මේක අක්කර 12ක්. ලාදුරුවලට බෙහෙත් හොයා ගත්තත් එක්කම අක්කර 12ක වත්ත අක්කර 4ට බැහැලා. දැන් තියෙන්නේ අක්කර 4යි. මේකේ මුල් කාලේ සියල්ල ඇතුළත්. ඒ ලකුණු තවම තියෙනවා. වත්තේ ආරම්භය පොලිස් මූලස්ථානයක්. රෝගීන් පිළිබඳ තොරතුරු ලබාගැනීම පොලිසියේ වැඩක්. ඊළඟට රෝහල. රෝහලට අමතරව පාසල, පාසලට අමතරව පන්සල, පල්ලිය, කෝවිල, මුස්ලිම් පල්ලිය. ඒ විතරක් නෙවෙයි ඉගෙන ගන්නවා, වඳිනවා, පුදනවා වගේම දඩබ්බර නම් පොලිසිය මෙල්ල කරනවා. මෙල්ල කරලා හිරේ දමනවා. ඊට අවශ්‍ය හිරගෙයකුත් මෙහි සපිරියි. මේ හැමදේම අක්කර 12 තුළ. අද මේ පාසල ලාදුරු රෝගීන්ගෙන් සාමාන්‍ය ජනයාට ගිහිල්ලා. ඒකේ නම ක‍්‍රිස්තු රාජ විද්‍යාලය. එහි ඉගෙන ගන්න අය ඒ ඉතිහාසය දන්නවා ඇති.
ඇතුළට ගැනීම
අපි ඊට ඉස්සරවෙලා මෙයට ලාදුරු රෝගීන් ගත් හැටි ඬේවිඞ් අල්විස් ගත් ක‍්‍රමයෙන්ම පැහැදිලි කරගමු.
"කරත්තයක දාගෙන මාව ගෙනල්ලා මුලින්ම ගෙනිච්චේ මේ වත්තේ තියන පොලිසියට. ඒ අය ප්‍රශ්න කරනවා. කවද්ද දැනගත්තේ, කොහොමද දැනගත්තේ, අර මේවා හරියට අපි බලෙන් මේ ලෙඬේ හදාගත්තා වගේ." වයසක හෙඬ් උපහාසයක්ද තිබුණා.
"ලාදුරු වත්තේ පොලිසිය. පොලිසියේ අය තමයි ලියාපදිංචි කරන්නේ. වැරදිකරුවන් ප්‍රශ්න කරනවා වගේම තමයි ප්‍රශ්න කරන්නේ. ඒ හැදුණේ කොහොමද මීට පෙර මේ වගේ ළඟ කාව හරි තිබුණද? ඒ කවුද? හරියට ප්‍රශ්න ප්‍රශ්න. ඊළඟට දොස්තරට."
පරිසරය
"ඒ කාලේ මේක ලොකු වත්තක්. එතකොට මම පොඩි එකා. වත්තේ මායිම කැලණි ගඟ. හරිම ලස්සනයි. අදත් ඒ අසිරිය තියෙනවා." ඔහු මට කැලණි ගඟ පෙදෙස පෙන්වයි. විකෘති වූ ඇඟිලි ඔහුට බාධා කරන අයුරුය.
"එදා මේ රෝහලේ ලාදුරු රෝගීන් 918ක් හිටියා. ඒ අය වැඩිහිටියෝ. ඒ නිසා මම වැටුණේ ළමා අංශයට. ළමා රෝගීන් 96ක් හිටියා. අපිට ඉගෙන ගන්න පාසල මේ වත්තෙම තිබුණා. අපි ලාදුරු රෝගීන් හින්දම අපිට ඉගැන්නුවෙත් ලාදුරු හැදිච්ච ටීචර්ලා. සර්ලා. ඒ අයට උගන්වනවට පඩි ගෙව්වා. අද ඒ ඉස්කෝලේ තමයි ක‍්‍රිස්තු රාජ විද්‍යාලය. ඒක අද මේ වත්තෙන් ගැලවිලා. අද ඒ ඉස්කෝලේ අපිට අයිති නෑ. කොටින්ම ලාදුරු ළමයි දැන් මෙහේ නැහැ."
වැඩිහිටියෙක් විදිහට දිගු කලක් සිටින කෙනෙක් විදිහට එඞ්වඞ්ට ලොකු මතකයක් තිබුණා.
ආගම
සමාජයෙන් කොන්වී වෙනම ප්‍රදේශයකට කොටුවීම නිසා මේ සීමාවෙන් එපිට ලෝකයක් මොවුන්ට තිබුණේ නැහැ. ඒ නිසාම සියල්ල මේ වත්තෙහි නිර්මාණය වුණා. ආගම අදහන අයට පල්ලිය, පන්සල, කෝවිල, මුස්ලිම් පල්ලිය හැමදේම තිබුණා. ඒ ලෙඩට ජාතියක් ආගමක් තිබුණේ නැති හින්දා. කවුරු ලාදුරුවලට ගොදුරු වුවත් උස්, පහත් භේදයක් නැහැ. එදා ඔවුන්ව සමාජයෙන් කොන් කළා. ඔවුන්ට කියලා තිබුණු රැුකවරණය පිහිට මෙතැන. ඒ හැඳල ලාදුරු රෝහල. අදටත් ඉතිරිව ඇති මතකය හෙටට ඉතිරිවේදැයි අවිනිශ්චිත අපූරු ඉඩම. අද මේ රෝහල පොදු රෝහලක් ගමේම යන එන තැනක්. පන්සල පල්ලියත් ඒ වගේ සැමට පොදුයි.
හිරගේ
මේ ජීවිතයම හිරගෙයක්. ඒත් ඒ තුළත් අඬ දබර ආරාවුල් ඕනෑ පදම්. එකම විසඳුම හිර ගෙයයි. ඒ නිසා මේ තුළත් නඩු අහන, නීති දාන, හිරකරන සියලූ පසුබිම තිබුණා. හැබැයි නඩුකාරයා දොස්තරමයි. උපරිම සිරදඬුවම මසක්, දෙකක්. ආයේ එළියට ආවත් මේක හිරගෙයක්. මෙයින් පිට ලෝකයක් මොවුන් දන්නේ නැහැ. ලාදුරුයැයි හඳුනා ගත්දා සිට මේ බිම ඔවුන් මියැදෙන තෙක් වසන බිමයි. කොටින්ම මොවුන් වළ දමන්නෙත් එහිම. අදටත් ඇති කනත්තේමය. අද මේ කනත්තත් පොදු සුසාන භූමියකි. එදා ආගම් අනුව මිනී රැුගෙන යන කරත්ත වෙනස්. ඒ කනත්ත අදටත් ගබඩාවල සුරක්ෂිතව තියෙනවා. ඒත් පාවිච්චියක් නැහැ. පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ.
දුක
අද නම් ලාදුරු කිව්වාම කවුද බය. ඒත් එදා. මගේ මව්පියොත් මාව බලන්න එන්න බයවුණා. මට ලාදුරු හොඳ වුණත් භාරගන්න කෙනෙක් නැතිවුණා. මිය යනකම් මෙහෙම ඉන්නවා.
ලාදුරු කුමාරයා
මේ රෝහලේ ආරම්භය ගලක සටහන් වෙනවා. ඒ 1708 ලෙසටයි. ගලෙහි කොටා ඇති නිසා දැනට ගතහැකි පැරණිම වයස ඒක. ඉතිහාසය තරම් පැරණි ඉතිහාස කතාවක් මේ වත්තට රෝහලට තියෙනවා. එකල ඕලන්ද පාලන සමය. ශ්‍රී ලංකාවෙදි ඕලන්ද සෙනවියකුගේ පුතාට ලාදුරු හැදෙනවා. සෙනෙවියා වුණත් දුගියා වුණත් ලෙඩ ලෙඩමයි. පුතාගේ වම් අතේ හටගන්නා ළපය එකී ජීවිතවලටත් කැළලක් ඉතිරි කරනවා. මේ බෝවන ලාදුරු අවසාන ප්‍රතිඵලය උසස් තැනක නිසා ඔහු ලාදුරු කුමාරයා වෙනවා.
ස්ථානය
ලාදුරු වුණත් කුමාරයෙක්. ඒ නිසා කුමාර ලීලාවෙන්ම ඔහුව තබන්නට මේ සෙනෙවියට ඕන වෙනවා. බෝවන නිසා හුදෙකලා කිරීමත් අනිවාර්යයයි. ඒ නිසාම එකල ජනශූන්‍ය මේ හැඳල ප්‍රදේශයේ මේ බිම්කඩ තේරෙනවා. ලාදුරු කුමාරයාට අවශ්‍ය ආරක්ෂාව සහිතව මේ බිමෙහි සියල්ල ඉදිවෙනවා. ඊට බාහිරෙන් කිසිවකුට ඇතුළත් නොවිය හැකි ලෙස ආරක්ෂාව තර වෙනවා. අදටත් සුරැුකෙන්නේ ඒ මන්දිරය. ලාදුරු කුමාරයට ගිය මන්දිරය අවසානයේ ලාදුරු රෝගීන්ගේ මන්දිරය වෙනවා. කුමාරයට ආවතේව කරන්න විස්සක පිරිසක් යොදවලා. ඒ ආරක්ෂාවට ආරක්ෂක භටයෝ. ඒ අයටත් පදිංචිය මෙහිමයි.
කුමාරයා එහෙම ඉන්න කොට ඒ කාලේ ලාදුරු රෝගීන් සිට ඇත්තේ කොළඹ අවසානයේ හැම හැඳලට ගාල් කරලා. එහෙම තමයි මේ අය දන්න ඉතිහාසය. ලාදුරු කුමරෙක් නොවෙන්න මේ තරම් පිළිවෙළක් සුන්දර පරිසරයක් ඇතිවෙයි හිතන්නත් බෑ.
ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර
ලාදුරු රෝගය සඳහා නිශ්චිත වශයෙන්ම ප්‍රතිකාර සොයාගෙන තිබෙන්නේ 1983දී. ඒ වනතෙක්ම බෙහෙත් ගැනීමට හැඳල ලාදුරු රෝහලට ඇතුළත් වුණා. ඉන්පසු ලාදුරු රෝගීන් මෙහි ඇතුළත් කිරීම අවශ්‍ය වී නැහැ. රෝගයට අදාළ ප්‍රතිකාර තිබෙන නිසා ඔවුන්ව වෙන්කර තැබීමත් අවශ්‍ය නැහැ. ලාදුරු රෝගියෙකුව හඳුනාගෙන පළවෙනි බෙහෙත් වේල් දෙක තුනක් ගැනීමෙන් පසු සුව අතට හැරෙනවා. ලංකාවේ සමේ රෝග සායන තිබෙන රෝහල්වල ලාදුරු රෝගීන්ට බෙහෙත් දීම සිදුවන නිසා හැඳල ලාදුරු රෝහලේදී නේවාසිකව ප්‍රතිකාර ගැනීම 1983න් පස්සේ නැවතුණා. අද වනවිට ලාදුරු රෝහලේ නේවාසික රෝගීන් 39ක් සිටිනවා. ඔවුන් ඇත්තටම ලාදුරු රෝගීන් ලෙස සැලකිය නොහැකියි. ඔවුන්ගේ රෝගී තත්ත්වය සම්පූර්ණ සුව අතට හැරී තිබෙන බව ලාදුරු රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ අදහසය. ※
Histoire de la lèpre à Sri Lanka
Propulsé par Créez votre propre site Web à l'aide de modèles personnalisables.